Houses & Land for Sale – Free Sri Lanka Listings | Aduwata Gewal Idam

ඉඩමක් මිලදී ගන්නා විට අවුරුදු 30ක් පසුගිය පත්තිරු පරීක්ෂා කිරීමේ වැදගත්කම

ඉඩමක් මිලදී ගන්නා විට අවුරුදු 30ක් පසුගිය පත්තිරු පරීක්ෂා කිරීමේ වැදගත්කම

ඉඩමක් මිලදී ගන්නා විට, ඔබ ලංකාවතුල සිටින  හෝ විදේශයක සේවය කරන සේවාදායකයෙක් වුවද, පත්තිරු පරීක්ෂාව යනු ඉතා වැදගත් පියවරක් වේ. එය සෑම ආයෝජකයෙක්ටම මෙන්ම ඉඩමක් මිලදී ගැනීමට ඉන්න සියලුම පාර්ශව සඳහා අත්‍යවශ්‍ය වේ. අවුරුදු 30ක් පසුගිය පත්තිරු පරීක්ෂා කිරීම ඔබගේ ආයෝජනය ආරක්ෂා කරන සහ අනාගතයේදී අදාළ නීතිමය ගැටළු වලට ලක් නොවීමට මූලික පිලියමකි.

බොහෝවිට සේවාදායකයින් පුරුදු වෙලා ඉන්නේ පත්තිරු පරීක්ෂාවකින් තොරව ඉඩමක් මිලදී ගන්න.

🛑 ඒත් එහෙම කරන්න එපා!

👉 අවුරුදු 30ක් ඉතිහාසයට පත්තිරු බැලීමෙන් ඔබට දැනගන්න පුළුවන්:

  • එම ඉඩමට කෙවියට් තහනමක් තියෙනවද?

  • Lis Pendens (නඩු කටයුත්තක් සිදුවෙමින් පවතින බව දැක්වෙන නෝටීසියක්) තිබෙනවද?

  • ඉඩමට අදාළ නඩු මධ්‍යස්ථ කටයුතුවල ප්‍රතිඵල බලපානවද?

  • පසුගිය අයිතිකරුවන්ගේ නීතිමය ඉතිහාසය නිවැරදිද?

👨‍⚖️ මෙවැනි තොරතුරු හොයාගැනීමේ එකම විශ්වාසදායක මාර්ගය නම්, අවුරුදු 30ක් පසුගිය පත්තිරු නීතිඥයෙකු හෝ නෝටරී පබ්ලික් මගින් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරගැනීමයි.

💡 ඔබේ ආයෝජනය ආරක්ෂා කරන්න — නීතිමය සහ නිවැරදි පරීක්ෂාවකින් පසුම ගනුදෙනුව සිදු කරන්න.

Read More: ඉඩමක් මිලදී ගැනීමේ නීතිමය ලියවිලි පිළිබඳ ඔබ දැනගත යුතු වැදගත් කරුණු

Join The Discussion

Compare listings

Compare